Header Ads

Breaking News
recent

රටම දන්න විමල්ටත් කෙඳිරිගෑවෙයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (09) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද දින පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 4 වෙත කැදවා ඇත.

මෙරටට ආනයනය කරන ලද බහාලූම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් කිරීම සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස කැදවා ඇති බව වාර්තා වේ.


No comments:

Powered by Blogger.