තවත් ගුවන් යානා අනතුරක් | Plane Crash
මගීන් 49 දෙනෙකු සමඟ අතුරුදහන් වූ මෙම An-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් වූවකි.
මේ සම්බන්ධයෙන් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන RIA Novosti වාර්තා පළකරමින් කියා සිටින්නේ, යානයේ ගමනාන්තයට කි.මී. 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි.
කෙසේවෙතත් මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.




No comments: