Header Ads

Breaking News
recent

අපි ඉරිදා ඉඳන් සූදානමින් හිටියා... ඒත් සහාය ඉල්ලුවේ සඳුදා උදේ.. - මීගමු බන්ධනාගාර ගැටුම ගැන නි. පොලිස්පති

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගැටුම ආරම්භ වී දිනකට පසුව බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කරයි.

'දෙරණ Big Focus' වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඉරිදා (05) දිනයේ සිටම පොලිසිය බන්ධනාගාරයෙන් පිටත සූදානමින් සිටිය ද, බන්ධනාගාර බලධාරීන්ගෙන් නිල ඉල්ලීමක් ලැබෙන තෙක් ඇතුළට යාමට නීතිමය අවකාශයක් නොතිබූ බවයි.

රැඳවියන් විසින් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව බිඳ එහි තිබූ ඖෂධ වර්ග අධික ලෙස පානය කර මත් වී සිටීම හේතුවෙන් සඳුදා උදෑසන වන විට තත්ත්වය ඉතා දරුණු අතට හැරී තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

ඉරිදා රාත්‍රියේ තත්ත්වය සාමකාමී වූ බවට වාර්තා වුවද, ඖෂධ පානය කිරීම නිසා සඳුදා උදෑසන වන විට රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත විශේෂ කාර්ය බලකායේ සහාය ඉල්ලා නිල ලිපියක් යොමු කර ඇත්තේ සඳුදා (06) උදෑසන බවත්, ඉන් අනතුරුව පමණක් පොලිසිය මැදිහත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.