Header Ads

Breaking News
recent

ඉරාන යුද්දයට හසුවූ ශ‍්‍රී ලන්කන් යානා දෙකක් කුවේට අහසේ එක තැන කැරකේ!

මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් සීමා වසා දැමීම නිසා කටුනායකින් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකකට පැයකට අධික කාලයක් අහසේ රැඳී සිටීමට සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඊයේ (14) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේටය බලා පියාසර කළ යූ.එල්. 229 දරන යානය සහ දමාම් බලා පියාසර කළ යූ.එල්. 253 දරන යානය මෙලෙස අපහසුතාවට පත්ව ඇත. 

මෙම යානා දෙකම ඒ-321 නියෝ (A-321neo) වර්ගයේ ඒවා වේ.

ගුවන් සීමා වසා දැමීමත් සමඟ අදාළ ගමනාන්ත වෙත ළඟාවීමට නොහැකි වූ මෙම යානා දෙක, එම කලාපයට ආසන්න ඉහළ අහසේ පැයකට අධික කාලයක් රවුම් ගසමින් සිට ඇති අතර පසුව නියමුවන්ගේ දක්ෂතාව මත ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය සඳහන් කළේ, අදාළ යානා දෙක අද උදෑසන වන විට යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි. 
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.