තමන්ට ඕන ඕන විදිහට පෙරහැරවල් කරන්න හදන කංජිපානි ඉම්‍රාන්!
ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් විසින් දෙවුන්දර විෂ්ණු දේවාලයේ නිලමේවරයා වන තිළිණ මහතාට මරණ තර්ජන සිදු කළ බවට තොරතුරු වාර්තා වෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත මෙතෙක් කිසිවෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන හඩ පට පිළිබද තොරතුරු ලැබී ඇති බවත් දකුණු පළාත භාර උසස් පොලිස් නිළධාරීයෙකු අප කළ විමසීමකදී සඳහන් කර සිටියා.
මේ පුවත තව අයට බලන්න

No comments: