Header Ads

Breaking News
recent

හිටපු ජනාධිපති මෛත්‍රීපාලට සතුටුම යුගයේ ජනාධිපති සම්මානය පිරිනැමේ!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය ඇගයීමට ලක් කරමින් ඒ මහතා 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' ලෙස විශේෂ බුහුමනට පාත්‍ර කර ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති 'Global Brand Awards 2026' සහ 'SHE FOR THE NATION – Season 2' ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනමා තිබේ. 

ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සන්නාම රැසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපතිවරයා එක්ව සිටි අතර, 'KGF' චිත්‍රපට මාලාව හරහා ප්‍රකට වූ ඉන්දියානු රංගන ශිල්පී ගරුඩා රාම් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට එක්ව සිටියේය.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.