Header Ads

Breaking News
recent

ශිරාන් බාසික්ගේ වැල ඕපන්... අරුන්දිකගෙන් ප‍්‍රශ්ණ කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා විසින් හෙළි කරන ලද තොරතුරු මත පදනම්ව, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අද (04) ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

අද උදෑසන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය වෙත කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

වාර්තා වන පරිදි, ශිරාන් බාසික්ට අයත් බව කියන හෝටලයක් සම්බන්ධයෙන් පවතින තොරතුරු සහ ඒ හා සබැඳි ගනුදෙනු පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.

මෙම සිද්ධියට අදාළව සිදු කෙරෙන පුළුල් විමර්ශනවල තවත් පියවරක් ලෙස, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන් ද පෙරේදා (02) දිනයේදී අපරාධ විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.