ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන බද්ද රුපියල් 400 දක්වා ඉහළට
ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන බද්ද රුපියල් 400 දක්වා ඉහළ බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසබවා.
මාදම්පේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.
“කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට අප අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වැඩසටහන යටතේ දේශීයව වගා කළහැකි බෝග වර්ග 5කින් ස්වයංපෝෂිත වීම අපගේ ඉලක්කය වී තිබෙනවා.
මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නට පස්සේ මුං,බඩඉරිඟු,සෝයා,උඳුවල ආනයනික බදු වැඩි කළා. ඒ දේශීය ගොවියා රැක ගන්න.
ඒ අනුව එම බෝග අතර දේශීයව වගාකරනු ලබන වියළිකලාපයට ආවේණික උඳුබෝගය සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියත්මක වෙමින් පවතිනවා.
විශේෂයෙන් අතිරේක ආහාර බෝග සඳහා වැයවන විශාල ආනයනික මුදල අවම කර ගැනීම සහ දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබාදීම තුළ මෙමබෝගයන්ගෙන් ස්වයංපෝෂිතවීම මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා.
මෙම අරමුණ යටතේ මෙම වසර අරම්භය තුළ ආනයනික උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දැමීමට මම කටයුතු කරනු ලැබුවත්,මේ වන විට මෙම බදු මුදල පදනම් කරගෙන පියලි රහිතව සුද්ධ කරනු ලබන,එනම්සුදු උඳු ද මෙම බදු මුදලටම ආනයනය කරන්න වෙළෙඳුන් කූට ලෙස කටයුතු කරගෙන යනවා.
හොර පාරෙන් උඳු ඇට වෙනුවට පියලි කළ උඳුඅඩු මිලටවෙළඳපලට ඇවිත්.එම නිසා උඳු සඳහා යොදනු ලැබූවිශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තුළින් අපේක්ෂිත අරමුණ ඉටු වී නොමැති බව මම දැක්කා.
මෙම දිනවල අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හියලකන්නයේ දේශීය උඳු අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පැවතීමත්, ආනයනික සුදු උඳුඅඩු මිලට වෙළෙපොළ තුළ බහුලව පැවතීමත්සමඟ තත්ත්වයෙන් ඉහළ දේශීය උඳු සඳහා ඉතා අඩු මිලක් තීරණය වී ඇති බැවින්, එම පියලි රහිත උඳු ආනයනය සීමා කිරීමටකටයුතු කිරීමට මම තීරණය කළා.
ඒ අනුව පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩබද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන මෙන් නිලධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා.
දේශීය උඳු ප්‍රමාණවත් ලෙස වෙළෙදපොළ තුළ පැවතීම නිසා පාරිභෝගිකයාට බලපාන දැනට පවතින වෙළෙදපොළ මිලෙහිකිසිදු ඉහළ යාමක් මේ තුළ සිදු වෙන්නේ නැතැයි පැවැසීය.
මාදම්පේ නව දෙමහල් ගොඩනැඟිල්ල වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 150ක මුදලක් වැය කොට තිබේ. විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා, ගොවිජන සේවා කොමසාරිස් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා ඇතුළු නිළධාරීන් එක්ව සිටියේය.“
No comments: