Header Ads

Breaking News
recent

ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගෙන් මරණ තර්ජන කියා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 06 දෙනෙක් පැමිණිලි කරයි

පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට කරන බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ (25) කථානයකවරයාට පැමිණිලි කළහ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කලේ ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොෂාන් රණසිංහ, ඉන්දික අනුරුද්ධ, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන් විසිනි.

අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථා නායක නිල කාමරයේදී කථානායකවරයා හමු වූ මෙම මන්ත්‍රීවරු මුලින්ම කථානායකවරයාගේ අවධානයට යොමු කලේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට ඇති මරණීය තර්ජන පිළිබදවය.

කුඩු හෝ ආයුධයක් දමා රොෂාන් රණසිංහ මනිත්‍රීවරයා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සැලසුමක් ඇතිබවත්  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා දිගින් දිගටම තමන්ට තර්ජනය කල බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුල දේශපාලන කටයවුතුද නිසා මෙම තත්වය මතුව තිබෙන බවත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙහීදි සදහන් කර තිබේ.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ට පෙන්වා දී ඇත්තේ රොෂාන් රණසිංහ පමණක් නොව විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙර අත් අඩංගුවට ගෙන සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවය.

මේ පිළිබදව පොලිස්පතිවරයාට දැනුම් දීමටත් රොෂාන් රණසිංහ මනිත්‍රීවරයාගේ ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබා දීමටත් කථානායක කරූ ජයසූරිය මහතා මෙහිදී එකගතාවය පල කර තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති අලගියවන්න මන්ත්‍රීවරයා සිය තනතුර භාවිතා කරමින් බස්නාහිර පලාත් සභාවට අනවශ්‍ය බලපෑම් සිදු කරමින් සිටින බවට කථානායක වරයාට මෙහිදී පැමිණිලි කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාය.

” පසුගිය කාලේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට වැඩිපුරම කැදවා තිබුනේ බස්නාහිර පළාත් සභාව. බස්නාහිර පළාත් සභාව මේ වන විට විසුරුවා තියෙන්නේ. මන්ත්‍රී වරුන්ට මේ වසරේ වෙන් කර තිබූ ව්‍යාපෘති කපලා ලසන්ත මන්ත්‍රීවරයාට අවශ්‍ය ව්‍යාපෘති විතරක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. මේක කරන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා තනතුරට මුවා වෙලා” රණතුංග මන්ත්‍රී වරයා මෙහිදී පවසා තිබේ.

මේ සම්බන්ධයෙන්ද සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බව කථානායක වරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට සහතික වී තිබේ.

– ප‍්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.