ගෝටාභය ඇමරිකා පුරවැසිකම අතහැරීම 100%කින් සනාථයි.. ඔහුගේ නම පුරවැසිකම අත්හල අලුත්ම ලයිස්තුවේ.. හිරේ දැම්මත් අපේක්‍ෂකයා ගෝටාභයයි..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර ඇති බව 100% වගකීමෙන් තහවුරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තමන් ඊට අදාළ ලේඛන දෑසින් දුටු බවද ඒ මහතා කියා සිටියේය. ඇමරිකානු පුරවැසිභාවය අත්හරින පුද්ගලයන් සදහන් ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුලත්ව නැති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පළකළේය. ඔහු කියා සිටියේ මේ වන විට එළිදක්වා ඇත්තේ මාර්තු 31 දක්වා වූ පළමු කාර්තුවේදී පුරවැසිකම අත්හල ලේඛනය බවයි.
රාජපක්ෂ මහතා සිය පුරවැසිකම අතර ලද්දේ මැයි මාසයේදී බවත් ඔහුගේ නම ඇතුළත් වන්නේ ජූනි මාසයෙන් අවසන් වන කාර්තුවට අදාල ලයිස්තුවේ බව ද මන්ත්රීවරයා සඳහන් කළේය. ඒ අනුව මීලග ලයිස්තුවේ ස්ථිර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් පවතින බවද ඔහු කියා සිටියේය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අධිකරණය හමුවේ පවරා ඇති කිසිදු නඩුවක් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නැතැයි ද මන්ත්රීවරයා සඳහන් කෙළේය.
යම් ලෙසකින් රාජපක්ෂ මහතාට සිර දඬුවම් නියම කළ ලංකාවේ ජනාධිපතිවරණ පනත සහ ආන්ඩුකම ව්‍යවස්තාව අනුව සිරදඬුවම වීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොවන බවද ඔහු පැවසීය.

No comments: