Header Ads

Breaking News
recent

ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්.. එක් කන්ටේනරයකට ලංකාවේ ව්‍යාපාරිකට ඩොලර් 1500ක් ගෙවයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කල නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රංශයේ මුලස්ථානය පිහිටි DAT-Arbantis සමාගමත් ලංකාවට කසළ එවූ බවට සාක්ෂි ඇති නිසා ඒ පිළිබදව වහා පරීක්ෂණයක් කලයුතුයි!

ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති  DAT-Arbantis සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන  Chris O’Donnell  2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයක සදහන්වන්නේ මෙරටට යකඩ මෙට්ට සහිත කන්ටේනර් එන බවයි.

ඊට පෙර එම ව්‍යපාරිකයා සමග විද්‍යුත් පනිවිඩ හුවමාරැවෙදී සදහන් කරන්නේ ඩොලර් 1400 ක් එක් කන්ටේනරයක් සදහා සිය සමාගමට ගෙවිය හැකි බවයි. එහෙත් මෙරට ව්‍යාපාරිකයා පවසන්නේ මෙරටට කසල ගෙන ඒම නීතිවිරෝධී බවයි. වෙනත් යෝජනාවක් තමන්ට කළ හැකි බව පවසන දේශීය ව්‍යාපාරිකයා ඒ සදහා එක් මෙට්ටයක් සදහා ඩොලර් 45 ක මුදලක් අවශ්‍ය බව කියයි.

පසුව ප්‍රංශ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම මුදල වැඩි බැවින් ලංකාවේ වෙනත් සමාගමකට අදාල කසල ලබා දීමට කටයුතු කරන බවයි. මෙම විද්‍යුත්පනිවිඩ දෙස බැලීමේදී පෙනීයන්නේ මෙරටට ප්‍රංශයෙන් කසල කන්ටේනර් 150 ක් පැමිණ ඇති බවයි. මේ පිළිබදව අප විසින් පොලිස් මූළස්ථානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන අතර එම කසළ කන්ටේනර් මෙරටට ගෙන ආවේ කුමන සමාගද? යන්න සොයාගත යුතුව ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

No comments:

Powered by Blogger.