Header Ads

Breaking News
recent

පොහොට්ටුව පක්‍ෂ 10ක් සමගින් සන්ධාන ගත වේ.. ලොකු කොන්දේසි දැමූ ශ‍්‍රීලනිපය නෑ !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර දේශපාලන පක්‍ෂ 10ක් සමගින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

අගෝස්තු 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම ගිවිසුම් අත්මන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය සමගින් ගිවිසුම් ගතවීමක් ගැන අදහසක් පල කල නොහැකි බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

ශ‍්‍රීලනිපය සමගද සන්ධාන ගත වීමට අපේක්‍ෂා කරන නමුත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමට සූදානමක් නැතැයිද පැවසූ ඔහු ශ‍්‍රීලනිපයටද අවස්තාව තව දුරටත් දෙමින් සෙසු පක්‍ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බවද පැවසීය.

No comments:

Powered by Blogger.