Header Ads

Breaking News
recent

ජනපතිවරණය නොවැ. 15 - දෙසැ. 7 ත් අතර !

නාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද එහිදී දේශප්‍රිය මහතා කීය.

ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවද එහිදී මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ඔහු කීය.


No comments:

Powered by Blogger.