ITN ප්රවෘත්ති සමබර නොවීම ගැන සේවකයෝ මැතිවරණ කොමිසමට ලිඛිතවම දැනුම්දෙති
ජනාධිපතිවරණයක්ද කැඳවා ඇති මේ මේහොතේ ස්වාධීන රූපවාහිනී ආයතයේ ප්රවෘත්ති විකාශයන් සමබර පවත්වාගෙන නොයාම පිළිබඳව දැනුම් දෙමින් සහ සමබරව ප්රවෘත්ති විකාශය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ස්වාධීන රූපවාහිනී සුරැකීමේ එකමුතුව විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එම ලිපියේ පිටත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, ප්‍රධාන විධායක නිළධාරී සහ සාමාන්‍යාධිකාරීවරයා වෙතද යොමුකර ඇත.
ස්වාධීන රූපවාහිනී සුරැකීමේ එකමුතුවේ සභාපති චතුර චාමිකර මහතා සහ එහි ලේකම් තුෂාරි ගමගේ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති ලිපිය පහතින් පල වේ.
No comments: