Header Ads

Breaking News
recent

මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙන බව ලක්වාසී ජනතාවට සතුටින් ප‍්‍රකාශ කරනවා - ඇමති සජිත්

මනට මෙරට රාජ්‍ය බලය ජනතා වරමින් හිමිවූවොත් මෙරට සියලු දහම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ ලබාදෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ උත්සවයක් අමතමිනි.

මෙරට පාසැල් සිසු දරුවන්ට ද නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ දුන්නේ තම පියා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් විසින් බවද ඔහු සඳහන් කළේය.

තමනටද ජනතා වරමින් රාජ්‍ය බලය ලැබුණහොත් සියලුම දහම් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය නොමිලේ ලබාදෙන බව ලංකාවාසී පොදු ජනතාවට සතුටින් ප්‍රකාශ කරන බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

රටේ ඉහළම පුටුවේ ඉන්න විට මෙම අදහස් ඔලුවට ආවෙ නැති අය බොරුවට බෞද්ධකම ගැන එන කතා කරන බවද ඔහු සඳහන් කළේය.

No comments:

Powered by Blogger.