Header Ads

Breaking News
recent

රවි හෙලිකොප්ටරයෙන් මැදමුලනට.. මහින්ද සමග රහස් වැඩ.. එජාපයෙන් පරීක්‍ෂණයක් !

ජාප උපනායක විදුලිබල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතා වීරකැටිය මැදමුලන පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිනිතුමන්ගේ නිවසට ගිය බව එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ඇමතිවරයෙකු වන දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

විදුලි බල ඇමතිවරයා හෙලිකොප්ටරයකින් පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගිය බවටද පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත කොණ්ඩගල විහාරස්ථානයට කෝටි ගණනාවක් වටිනා විදුලි ව්‍යාපෘතියක් ලබාදී ඇති බවද කියා සිටියේය.

දින කිහිපයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අවසන් කිරීමට කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හෝ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන් කිසිවකු සම්බන්ධ කර නොගෙන කළ කටයුත්තට විරෝධය පළ කරන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉදිරියේදී මෙවන් කටයුතු සිදු නොවන ලෙසත් වග බලාගන්නා ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.

හම්බන්තොට දී පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පල කලේය.

No comments:

Powered by Blogger.