Header Ads

Breaking News
recent

බ්‍රිතාන්‍ය අගමැති බොරිස්‌ ජොන්සන්ට ග්‍රීන්පීස්‌ විරෝධය.



බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස්‌ ජොන්සන්ට ජනතාවගේ මෙන්ම ග්‍රින්පිස්‌ සංවිධානයේද විරෝධතා එල්ල වී ඇත.

 ඔහු එලිසබත් රැජන හමුවීම සඳහා බකිංහැම් මාලිගය වෙත යන අවස්‌ථාවේ ග්‍රීන්පීස්‌ විරෝධතාකරුවෝ මග හරස්‌ කළහ.

 මේ අවස්‌ථාවේ පොලිස්‌ රැකවලුන් විගස විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත්කර ජොන්සන්ගේ ජගුවර් රියට බකිංහැම් මාලිගය වෙත යැමට ඉඩ දුන්හ.

 බකිංහැම් මාලිගය අසලදීද ඔහු විරෝධතාකරුවන්ගේ කෑකෝගැසීම් වලට ලක්‌විය.

 බොරිස්‌ නුඹ බොරුකාරයෙක්‌ යෑයි ඔවුහු පැවැසූහ. මේ අතර ග්‍රීන්පීස්‌ සංවිධානය පැවසුවේ කාලගුණික විපර්යාස සිදුවීම් වලට තුඩුදෙන කරුණු ගැන බොරිස්‌ මෙතෙක්‌ කිසිදු පියවරක්‌ ගෙන නැති බවයි.

No comments:

Powered by Blogger.