දොස්තර ෂාෆිට සෑම ඉරිදාම සීඅයිඞීයේ පෙනීසිිටීමට නියෝග.
සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී සිංහල සහ දෙමළ මවුවරුන්ට නීති විරෝධී අන්දමින් වන්iාකරණයට පත් කිරීම සහ රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති වෛi ශේගු මොහොමඞ් ෂෙහාබ්ධීන් ෂාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (25 දා* නියෝග කළේය.
එම සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ විමර්ශන නිලධාරීන් විරෝධතාවක් නොදැක්වීම මත ඇප ප‍්‍රතික්‍ෂේප කිරීමට තරම් හේතුව තම අධිකරණයට පෙනී නොයන බව පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්‍ෂ 2 1/2ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9.00 ත්් 12.00 ත් කාලය අතරතුර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කළේය.
එම සැකකරු සම්බන්ධයෙන් මේ දක්වා සිදුකළ විමර්ශන අනුව චෝදනා සනාථ කිරීම සඳහා ප‍්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.
ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ අවසර ඇතිව ප‍්‍රථමයෙන් අධිකරණය ඇමතූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා නඩුවට අදාළ පාර්ශ්ව හැර අන් සියලූ පාර්ශ්වවලට අධිකරණයෙන් ඉවතට යන ලෙස නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 311 වගන්තිය ප‍්‍රකාරව ගැනෙන චෝදනා සැකකරුට එල්ල වී ඇති බැවින් අධිකරණය හමුවේ පෙනී සිටින කිසිදු පාර්ශ්වයක් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් තමා නොදකින බවත්, අනෙක් පාර්ශ්වවලට ද නඩුව සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමේ අයිතිය ඇති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුසිත් මුදලිගේ මහතා සැකකරුගේ නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳව තමා එකඟ නොවන බව අධිකරණයට පෙන්වා දුන්නේය.
No comments: