ජනාධිපතිවරණය තියන්න බැරි නම් පාර්ලිමේන්තුව විසුරුවන්න - නාමල් රාජපක්ෂ
විශ්‍රාම වැටුපට බිය නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්නට යෝජනා ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ පෙරේදා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් ප්‍රකාශ කරමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රිවරයා මෙසේද කීය.
විශ්‍රාම වැටුපට ඕනෑ නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේන්න. විශ්‍රාම වැටපු බයේනේ ගේන්නේ නැත්තේ. සැබෑ ජනතා සේවයට ආවා නම් ඔවුන්ටත් තේරෙනවා ආණ්ඩුව දුවන්න බැහැ කියලා. ඔවුන්ටත් තේරෙනවා අද දෙමළ සන්ධානය නැතුව ආණ්ඩුව ගෙනියන්න බැහැ කියලා. දෙමළ සන්ධානය කියනවා මහින්ද රාජපක්ෂ බලයට එන නිසා තමයි රනිල් වික්රමසිංහව ආරක්ෂා කරන්නේ. රනිල් වික්‍රමසිංහ කියනවා දෙමළ සන්ධානය හින්දා තමයි අපි ආණ්ඩුව දුවන්නේ කියලා. ජැක් ගහගෙන ආණ්ඩු දුවන්න ඕනෑ නැහැනේ.
විශ්‍රාම වැටුපට බය නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවන්න. එහෙම නැත්නම් වෙලාවට ජනාධිපතිවරණය පවත්වන්න.
තව මාස කිහිපයයි ජනාධිපති මැතිවරණයට තිබෙන්නේ. මේ අවුරුද්ද අවසන් වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් එක්ක අලුත් ආණ්ඩුවක් අපි හදනවා. හැබැයි මැතිවරණ කල් දාන්න ආණ්ඩුව ලෑස්ති වෙන්න එපා. කරුණාකරලා ජනාධිපතිවරණයක් තියන්න. ඒක බැරි නම් පාර්ලිමේන්තුව විසුරුවන්න.

No comments: