සජිත් බලෙන් හරි ජනාධිපති අපේක්ෂකයා කරනවා - එ.ජා.ප. සුරැකීමේ සංවිධානය
ලබන අගෝස්තු මාසයේ දී එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන සිරිකොත ඉදිරිපිටට දීවයිනේ දිස්ත්‍රික්ක 25 ක එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ජනතාව කැඳවා සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට හා ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස බලපෑම් කරන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කරනවා.
දඹුල්ල ප්‍රදේශයේ 18 දින මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා සහ එහි මහලේකම් මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලා.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් පළිගැනීමක් සිදු කරන බවත් කිසිදු ආකාරයකින් රවී කරුණානායක මහතා ඉල්ලන වර්තමාන කථානායක කරු ජයසූරිය මහතාට අපේක්ෂකත්වය ලබා නොදිය යුතු බවද එම සංවිධානයේ අදහසයි.
කරූ ජයසූරිය මහතා පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීම සඳහා එම පක්ෂයට ගිය බවත් එමෙන්ම පාර්ලිමේන්තුවේ 224 දෙනා හසුරවා ගැනීමට නොහැකිව සිටින නායකයකු බව ද එක්සත් ජාතික පක්ෂ සුරැකීමේ සංවිධානය කියති.
දැනට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂක වරයා තෝරාගැනීමේ අර්බුදය පවතින නිසා පලාත් නාමයෙන්ම සෑම ජන කොටසක්ම ඉල්ලන එකම නායකත්වය බවට පත්ව ඇත්තේ සජිත්පේමදාස මහතා බව ද ඔවුහු අවධාරණය කරති.එම තීන්දුව ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී ජයග්‍රහණය කරවීමට නොහැකි බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටීති .
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් ප්‍රකාශකළ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා.
'පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය තමයි මුලින්ම කිව්වේ පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්තයට බාර දෙන්න කියලා එදා බාර දීල තිබුන නම් අද කිසිදු ප්‍රශ්නයක් නැතුව මේ රටේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් ගෙනියන්න තිබ්බා.
'මුළු රටම අද ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස එක එක්කෙනාගෙ නම් ප්‍රකාශ කරලා මේ පක්ෂය විනාස කරන්න එපා. බොහෝ අය අද එකේ කෙනාගේ නම් කියලා චූන් වෙන්න හදනවා. ඒකෙන් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශයට පත්වීම. අද රටේ පවතින සෑම පක්ෂයක්ම දෙකට තුනට කැඩිල තියෙන්නෙ තනි පක්ෂයක් හැටියට රජයක් පිහිටුවන්න පුළුවන් ආණ්ඩුවක් පිහිට පුළුවන් පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය ඒ නිසා පෞද්ගලික වාසි ගැන හිතලා තව තව අයගේ කොන්ත්‍රාත් නොකර එක්සත් ජාතික පක්ෂය දිනවන්න කියලා අපි පක්ෂ නායකයන්ගෙන් ඉල්ලනවා .එහෙම නැති උනොත් සමහර විට එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය වර්තමාන නායකයාට දැනෙන ආකාරයෙන් කතා කරන්න සූදානම්.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේප්රධාන ලේකම් එස්. එම්.මාටින් වික්‍රමසිංහ මහතා.
අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මේ රටේ ඓතිහාසික දේශපාලන අවසන් සටන ලෙස හඳුන්වන තීරණාත්මක මොහොතක අපි කියනවා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂයේ වසර 25ක් නායකත්වය දරලා හැමදාම කළේ පොදු අපේක්ෂකයෙක් හොයා ගෙන ගිහිල්ල මේ පක්ෂය විනාශ මාවතකට අරගෙන යෑම මිස සංවර්ධනයක් නෙමෙයි.
පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් විදිහට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයා ගෙනාවා පරාද වුණා .නැවත පොදු අපේක්ෂකයෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනාවා දැන් අවුරුදු හතරහමාරක් වෙනවා එක්සත් ජාතික පක්ෂය වෙච්ච දෙයක් නෑ දැන් මේ රටේ තීරණාත්මක මැතිවරණය උදාවෙනවා.
අපිට දැන් ආරංචිය තියනවා මේ මැතිවරණයේදි පොදු අපේක්ෂකයෙක් හොයනවා කියලා ඒ වගේම මේ පක්ෂයම කුලල් කා ගන්නා මට්ටමට ගෙනාවා.
අපි අහනවා මේ සමනල කල්ලියට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක්ද මේ කරන්න හදන්නේ කියලා මුළු රටටම ප්රබෝධයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සේවයක් කරන යුගයක් පේන්නවත් නැහැ හැබැයි මුළු රටම තීරණය කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියලා.
ලබන මස පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී මෙම තීන්දුව ලබා නොගතහොත් රට වටේ ඉන්න එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිරිකොතට අරගෙන එන විත්තිය අපි මතක් කරනවා.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය මේ ගන්න තීරණය ඉතා නිවැරදිව ගන්න ඕන එහෙම නැති වුණොත් ආයෙ කවදාවත් මේ අවස්ථාව උදා වෙන්නේ නෑ මේ ලැබෙන අවසාන අවස්ථාව කියලා තමයි අපි හිතන්නේ.
අද රවි කරුණානායක ඇමතිවරයාට උවමනා වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට කරූ ජයසූරිය මැතිතුමා ගෙන්න අපිට ඒක ප්‍රශ්නයක් නැහැ අපි එක්සත් ජාතික පක්ෂ නායකයන්ගෙන් අහන්නේ කරූ ජයසූරිය මහත්තයා එක්සත් ජාතික පස්සේ ඉඳලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දෑත ශක්තිමත් කරන්න දාහත් දෙනෙක් අරගෙන ගියා පක්ෂය දාලයි ගියේ. අද ආපහු ඇවිල්ලා පාර්ලිමේන්තුව තුළ ඉන්න 224 දෙනාවත් පාලනය කරගන්න බැරි නායකයෙක් විදිහටයි කටයුතු කරන්නේ.
උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ ඉන්න 225 හරියට පාලනය වුණා නම් මේ රට සංවර්ධනය කරන්න පුළුවන් හරියට ඒක කැඳ හැලියක් වගේ අච්චාරුවක් වගේ ඒ නිසා අපි රවී කරුණානායක මැතිතුමාට කියනවා මේ අය දාලා දිනන්න පුළුවන්ද කියලා බලන්න කියලා.
කේ .කේ .ආරියදාස

No comments: