Header Ads

Breaking News
recent

අධික වර්ෂාවෙන් කදුකරයේ දිය ඇලි ගණනාවක් සක්‍රිය වේ.. ජලාශ රැසක වාන් දොරටු තවදුරටත් විවෘතයි

ධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව නිසා කදුකරයේ දිය ඇලි ගණනාවක් ජල මට්ටම වැඩි වි එම දියඇලි වල සුන්දරත්වය වැඩි වි ඇත.

පසුගිය මාස කිහිපය තුල මධ්‍යම කදුකරයේ පැවති වියළි කාලගුණය හේතුවෙන් එම දිය ඇලි වල ජලමට්ටම පහල බැස තිබුණි.

තලවකැලේ සෙන් ක්ලෙයාර්  , හැටන් දිඹුල ඩෙවොන් දිය ඇල්ල , වටවල කැරොලයිනා දියගල ඇල්ල සහ ලක්ෂපාන දිය ඇල්ලේ ජල මට්ටම මෙසේ ඉහල ගොස් ඇත.

තවද පවතින වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත තිබෙන අතර, විමසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවති.

ලක්ෂපාන ජලාශයේදි වාන්  දොරටු දෙකක් (18) සිට විවෘත කර තිබෙන අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සහ විමලසුරෙන්ද්‍ර ජලාශයේ වාන් දැමිම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.