අපට තනිවම ජනාධිපතිවරණය දිනන්න බෑ - ශ්රිලනිපය බැසිල් සමග කියයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තනිව තරඟ වැද තම පක්ෂයට ජයග්රහණය කිරීමට නොහැකි බව දන්නා බව ශ්රී ලංකා නිදහස් පක්ෂය පැවසූ බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පසුගිය අඟහරුවාදා පැවති සාකච්ඡාවේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් මේ බව තම පැවසූ බව ඔහු සඳහන් කළේය.
ඒ නිසා මේ අවස්ථාවේ ඔවුන් නිවැරදිව තීරණාත්මක තීන්දුවක් ගනු ඇතැයි ද තමන් කල්පනා කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය ජයග්රහණය කිරීමට තම පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 14 වැදගත් වන බව ද කී බැසිල් රාජපක්ෂ මහතා වෙනත් පුද්ගලයෙකු දිනවීමට උත්සාහ කළහොත් රටත් පක්ෂයත් විනාශ වනු ඇතැයිද කීය.
එම විනාශය නොකරන ලෙස තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
තවදුරටත් ශ්රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වෙන නිසා එම සාකච්ඡා වලට බාධා වන කිසිදු ක්රියාවක් තම පක්ෂය පාර්ශ්වයෙන් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.

No comments: