කරූට විරෝධය පාමින් විමල් ඇතුලු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව හැර ගිය හැටි..!
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ඊයේ (23) පාර්ලිමෙන්තුවේ පැවැත්වුණා.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකරන බව සඳහන් කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව ගියා.
තේරීම් කාරක සභාවේ සංයුතිය මෙසේය.
සන්ධානය – දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ
එජාපේ – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී
ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා
ජවිපෙ – විජිත හේරත්
කතානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථා විරෝධි කතානායකවරයෙක් බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසනවා. එක්සත් ජාතික පක්ෂයට යටත්ව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන කතානායකවරයෙක් ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කතානායකවරයා, පසුගිය 15දා සිට ආණ්ඩුවක් නොමැති බවට කළ ප්‍රකාශයට මෙහිදී ඔහු විරෝධය පලකළා.
තේරීම් කාරක සභාව සඳහා සුළුතර ආණ්ඩු පැවති අවස්ථාවන්හිදී පවා ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජනයක් ලබාදුන් බවයි දිනේෂ් ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිළිගන්නා ලෙසයි මෙහිදී සභානායකවරයා පැවසුවේ.
අගමැතිවරයා සහ සභා නායකවරයා පිළිගන්නේ නැත්නම්, කතානායකවරයාද තමන් පිළිනොගන්නා බවත්, එසේනම් පාර්ලිමේන්තුව අතහැර යනබව අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී පැවසුවා.
තේරීම් කාරක සභාව වෙත නියෝජිතයින් පත්කිරීම සඳහා ඡන්දයක් විමසන ලෙස අනුර කුමාර දිසානායක යෝජනා කළා. කතානායකවරයා ඒ සඳහා ඡන්දයක් විමසීමට තීරණය කරනු ලැබුවා.
ඡන්දය යෝජනා කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු සභා ගැබෙහි දක්නට ලැබුණේ නැහැ.
No comments: