Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලන්කන් ලාබ උපයා දෙන්නේ ඉන්දියාවටද.. අරුම පුදුම ගුවන් ගාස්තු.. ජපානයේ සිට ලංකාවට 100,000යි.. ඉන්දියාවට 65,000යි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේදී එහි විශාල කාර්ය භාරයක් පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටයි. නමුත් මේ වනවිට එම කර්තව්‍යය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් සිදුවන්නේ නැත.
ගුවන් සමාගම පාඩු ලබන බව පවසන පාලනාධිකාරය එහි ඇති අති අනවශ්‍ය වියදම් අවම කිරීම වෙනුවට ගුවන් ගාස්තු ඉහල දැමීම පමණක්ම පාඩුව අවම කරගැනීම ලෙස සිතති. එහි ප්‍රතිපලයක් විදිහට නැවත වතාවක් ජපානය – ශ්‍රී ලංකාව අතර ගුවන් ගාස්තුව 10% කින් ඉහල දමා ඇත.

ඒ අනුව අවම වශයෙන් සංචාරකයකු ශ්‍රී ලංකාවට යෑම සදහා පමණක් යෙන් 100,000 ( රුපියල් 170,000 ) පමණ වියදම් කල යුතුය. පුදුමය නම් ශ්‍රී ලංකාවට යෑම සදහා ගුවන් ගාස්තුව යෙන් 100,000 වනවිට, එම ගුවන් යනයෙන්ම ගොස් ශ්‍රී ලංකාවේ දිනක් නතරවීමට හෝටල් පහසුකමද දී ඉන්දියාවට යන මගියකුට වැය වන්නේ යෙන් 65,000 හෝ යෙන් 70,000 දහසක මුදලකි. මෙය පුදුමාකාර ගණන් සැදීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට යන සංචාරකයන් සදහා වැඩි මුදලක් අයකරමින් අඩු සැලකිල්ලකුත්, ඉන්දියාවට යන සංචාරකයන් සදහා අඩු මුදලක් අයකර වැඩි සැලකිල්ලකුත් සපයන්නේ මන්ද යන්න මහත් ගැටලුවකි.

ඒවගේම ආසියානු කලාපයේ වෙනත් රටවල් තම රටෙහි ජාතික ගුවන් සේවය යොදාගන්නේ තම රටට වැඩිවැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සදහායි. උදාහරණයක් ලෙස තායිලන්තය සහ ඉන්දුනීසියාව ගතහොත් ගුවන් ගාස්තුව යෙන් 60,000 ප්‍රමාණයේ රදවාගෙන සිටි.

එබැවින් විශාල වශයෙන් සංචාරකයන් එම රටවල් සදහා ගමන් කරන අතර රට තුලදී සංචාරකයන්හට වෙලදාම් කිරීමෙන් විදේශ විනිමය උපායා ගනියි.

ලංකාවට යෑමට පෙරම ගෙලමිරිකා දැමීමේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කලාව දැන්වත් නතර කර දැමිය යුතුය. මේ පිලිබදව වගකිව යුත්තන්ගේ අවදානය යොමුවන්නේ නම් මැනවි.

– සමන් ප‍්‍රියංකර (ජපානයේ සිට)


No comments:

Powered by Blogger.