Header Ads

Breaking News
recent

අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන්ද පලා යයි.. අල්ලන්න දැල එලයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවෙන් ද පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔහු කොහේ පලාගිය ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කර ඇතැයි ද ඔහු පැවසුවේය.

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චුදිතයෙකු වන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු ගණනාවක් නිකුත් කර ඇත.

No comments:

Powered by Blogger.