Header Ads

Breaking News
recent

සජිත්ගේ සෙල්ලම් ඉවරයි.. නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කරන්න රනිල්ට බලය ලැබේ.. පක්‍ෂ ජ්‍යෙෂඨයන් කැදවයි..

මේ මස 31 වෙනිදා නිල කාලය අවසන් වන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සඳහා නව සාමාජිකයන් පත් කිරීමට නියමිතය.
ඒ සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් හෙට, අනිද්දා දෙදින සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වන විට ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වන රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී නැවතත් මෙරටට පැමිණීමට නියමිත අතර අදාළ සාකච්ඡාවක් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදු ඇත.

පක්‍ෂයේ සියළු ජ්‍යෙෂ්ඨයන්ට මේ සදහා ආරාධනා කර ඇත.

බොහෝදුරට සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවාදීන් මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බවත් නායකත්වයට ඇති බලතල අනුව නව සාමාජිකයන් පිරිසක් පත්වනු ඇති බවත් එජාප ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

No comments:

Powered by Blogger.