Header Ads

Breaking News
recent

මුස්ලිම් බලය එකට ගොනු කිරීමට හකීම් - රිෂාඩ් සාකච්ඡා

ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් බලය එකට ‍ගොනු කිරීමේ අරමුණින් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ රාවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක බවයි වාර්තා වන්නේ.



ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කළ රිෂාඩ් බදුර්දීන් මහතා පසුව ඉන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් අතර පසුගිය මැතිවරණවලදී ඔවුන් වෙන්ව තරග කළේය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඇති වූ දේශපාලන වෙනස්කම් මත මුස්ලිම් ඡන්ද නැවත එක කඳවුරකට එකතු කිරීමේ වැදගත්කම එම පක්ෂ දෙකම අවබෝධ කරගෙන සිටී.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් මුස්ලිම් පක්ෂ දෙක එජාප සන්ධානයෙන් ඉවත්ව වෙනම මුස්ලිම් පක්ෂ සන්ධානයකින් මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ තිබේ. එජාප සන්ධානයෙන් ඉවත්ව වෙනම සන්ධානගත වුවද මැතිවරණයෙන් පසුව එජාපය සමග එක්වීමටයි මේ වනවිට තීරණය කර තිබෙන්නේ.

No comments:

Powered by Blogger.