Header Ads

Breaking News
recent

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම විග්නේෂ්වරන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම,  සිරබාරයේ සිටින  සියලූම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම,  උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම ඇතුළු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසි මාලාව මෙවර මහමැතිවරණයේ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් මහතා පැවසීය.


දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති තම ප‍්‍රතිපතත්ති සමඟ එකඟ වන පාර්ශව හා සන්ධානගතව ඉදිරි මහමැතිවරණයට තරග කිරිමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් විග්නේෂ්වරන් මහතා පැසීය.

එම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ශව සමඟ ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්  සාකච්ඡා කරන බවත්  විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(නිමල කොඩිතුවක්කු)
-lankadeepa

No comments:

Powered by Blogger.