Header Ads

Breaking News
recent

දරු ප්‍රසූතිය සඳහා රෝහලට ගිය මවක් සැත්කමකින් පසු මිය යයි - ඥාතීන්ගෙන් බලධාරීන්ට චෝදනා

රු ප්‍රසූතිය සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු මවක් සැත්කමකින් පසුව මියයාම සම්බන්ධයෙන් එම රෝහල් බලධාරීන් වගකිව යුතු බවට ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි දෙදරු මවක්.

කොස්ගම මිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචි උදාරි දීපිකා ගමගේ නමැති මෙම මම සිය තුන්වැනි දරු ප්‍රසූතිය සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් වී තිබුණා. ඒ අනුව පසුගිය 27 වැනිදා උදෑසන 9ට පමණ සිසේරියන් සැත්කමකට මුහුණදී ඇය සිය දරු ප්‍රසූතිය සිදු කර තිබුණා.

කෙසේවෙතත් ප්‍රසූතියෙන් පසු මව සහ බිළිදා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූවත් එදින සවස් වනවිට ඇය නැවතත් සැත්කමකට භාජනය කර ඇති අතර එදින රාත්‍රියේ ඇය රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලෙන් කළ විමසීමකදී එම රෝහලේ වෛද්‍ය අධිකාරී හරේෂ් ධම්මික සේනාරත්න ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඥාතීන් යොමුකළ පැමිණිල්ළකට අනුව පොලිස් විමර්ශන සිදුකෙරෙන බවත්, දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරෙන අපක්ෂපාතී පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය වාර්තාවේ පිටපත් අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි.


No comments:

Powered by Blogger.