Header Ads

Breaking News
recent

රන්ජන් උසස්පෙළ විශයන් දෙකක් සමත් - S දෙකයි F එකයි

2019 වසරේ පවත්වනු ලැබූ උසස් පෙළ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. 
එහි ප්‍රතිඵල අනුව උසස් පෙළ පැරණි නිර්දේශය අනුව විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙනී සිටි විෂයන් 3 න් දෙකක් සමත්වී ඇත.

රන්ජන් රාමනායකගේ ප්‍රතිඵලය,දේශපාලන විද්‍යාව S,ජන මාධ්‍ය S,ක්‍රිස්තියානි ධර්මය F ය. මීට අමතර වශයෙන් ඔහු පෙනී සිටි ඉංග්‍රීසී භාෂාව A,සාමාන්‍ය දැනීම,50 සාමාර්ථ ලබා ඇත. ඉසෙඩ් අගය සෘණ .9355 කි.

රන්ජන් දන්වා සිටියේ තමාට නීතිය හැදෑරීමට අවශ්‍ය නිසා උසස් පෙළ සමත්වීමට අවශ්‍යවී ඇති බවයි. මේ නිසාම ඔහු මෙවර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයටද පෙනී සිටියේය.


No comments:

Powered by Blogger.