Header Ads

Breaking News
recent

ශ‍්‍රීලනිපය වෙනම තරග කිරීමෙන් ජවිපෙ ඉස්මොල රත්වෙයි.. මන්ත‍්‍රී කොට සියල්ල අහිමි වී 10 වැනි බලවේගය වෙන්න හිත හදාගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධාන ගත නොවී වෙනම තරග කරන තත්වයක් ඇතිව තිබීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස කලබලයට පත්වී ඇත.

මීට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කලහොත් මැතිවරණ ප්‍රතිඵල අනුව බොහෝ දුරට ඔවුන් තුන්වැනි තැනට පත් වීමේ ඉඩක් තිබීම නිසාය.

ජනතා විමුක්ති පෙරමුණට මෙතෙක් මන්ත‍්‍රී ආසන කිහිපයක් හිමිවූයේ මැතිවරණයේදී වැඩිම ඉතිරිය සඳහා ලැබෙන මන්ත්‍රීධුරය හේතුවෙන් වන බවත් ශ‍්‍රීලනිපය වෙනම තරඟ කරන්නේ නම් ඔවුන්ට වැඩිම ඉතිරියේ මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි.

මේ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි මැතිවරණයේදී ආසනයක් හෝ දෙකක් ජයග්‍රහණය කිරීම ඉතා අසීරු තත්වයක පවතින බව ඔවුන් අතර සාකච්ඡා වෙමින් ඇත.

ඊළඟ මැතිවරණයෙන් පසු මන්ත්‍රී ආසන ප්‍රමාණය අනුව ලැයිස්තු ගත කළහොත් ජවිපෙට හිමිවනු ඇත්තේ 9-10 වැනි ස්ථාන බව ඔවුන් සාකච්චා කරන්නේ දෙමල සන්ධානය සහ සුළු ජාතික පක්‍ෂද වෙනම තරග කර මන්ත‍්‍රී ආසන කිහිපයක් දිනාගන්නා නිසාය.


No comments:

Powered by Blogger.