Header Ads

Breaking News
recent

තිස්ස අත්තනායක මැතිවරණයට එපා.. පරාජයේ සලකුණ ඔහුයි - පසුපෙල මන්ත‍්‍රීන් කියති

ජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයෙන්ම මැතිවරණයට පැමිණීම පිළිබඳව එජාප පසුපෙළ මන්ති‍්‍රවරුන් විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ. 2015 රටේ තිරණාත්මක ජනාධිපති මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පාවාදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ තිස්ස අත්තනායක මෙවර නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිදුකරන්නේ ආණ්ඩුවේ ඞීල් එකක් යැයි ඔවුන්ගේ මතය වී තිබේ.
2015දි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ජනාධිපති කරවීමට තිබූ අවස්ථාව අහුරාලමින් පක්ෂයට හතුරු වෙමින් සිදුකළ කි‍්‍රයාව මෙවර සජිත් පේ‍්‍රමදාස මහතා ඉලක්ක කරගනිමින් ඔහුගේ දේශපාලන අනාගතය විනාශ කිරිමේ සැලසුමක් විය හැකි යයි එම මන්ති‍්‍රවරුන් අතර අදහස් හුවමාරු වී තිබේ.

පක්ෂයේ මහලේකම්ව සිටියදි කිසිදු මැතිවරණයක් ජයග‍්‍රහණය කළ නොහැකි වූ බවත් මෙවර ඔහුට නැවත එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයට රිංගා එළඹෙන මැතිවරණයේ ජයග‍්‍රහණය කඩාකප්පල් කිරිමට ඉඩදිය නොහැකි බවද එජාප පසුපෙළ මන්ති‍්‍රවරු පවසා ඇත.


No comments:

Powered by Blogger.