Header Ads

Breaking News
recent

යාපනය රෝහලේ වකුගඩු ජාවාරම්.. අඩු ගානට අරන් විදේශයන්ට කෝටි ගණනකට විකුණලා

යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ජි.කේ.ජි.එන්.ප්‍රියදර්ශන මහතාව විමර්ශන නිළධාරි ලෙස පත් කොට ඇත. යාපනය රෝහලේ විශේසඥ වෛද්‍යවරයෙකු විසින් උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් වකුගඩු විකිනීමට පොලඹවා ජාවාරම්කරුවන් මගින් ඔවුන්ව කොලඹට පමණක් නොව ඉන්දියාව මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රට වල පුද්ගලික රෝහල් වලට යැවීම පිලිබඳව චෝදනා ලබා තිබුනේය.
වාර්තා වන පරිදි තැරැව්කරුවන් විසින් උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට සොච්චම් මුදලක් දී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කෙරේ. වෛද්‍යවරය ඔවුන්ව පරික්‍ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොලඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි.

එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිනීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්‍ෂ 5 පමණ ලැබෙන අතර වෛද්‍යවරයාට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙලෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරයි. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි.

මිනිස් අවයව ජාවාරම නීති විරෝධී වූවද උතුරේ දුප්පත් තරුණයන් බිල්ලට ගෙන වර්තමානයේ වකුගඩු ජාවාරම ක්‍රියාත්මක වන අතර මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චඳ්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්‍ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වෛද්‍යවරයකු විසිනි.

යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්‍ෂණයක් ඇරඹීමට යන බව සැල වීමෙන් පසුව අදාල වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බලවතෙකු අමතා එම පරීක්‍ෂණය ගොඩින් බේරුමක් කර දෙන ලෙස ඉල්ලා තිබේ. මේ නිසා මෙම පරීක්‍ෂණය හමස් පෙට්ටියට යාදෝ කියා සැකයක් මතුවී තිබේ.

– N පෙරේරා


No comments:

Powered by Blogger.