Header Ads

Breaking News
recent

බදියුදීන්ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් වැටිලා - විශේෂ හෙළිදරව්ව මෙන්න

කුත් 2018 වසරේ දින 52 ආණ්ඩු කාලයේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නමින් ඇමෙරිකාවේ පවත්වාගෙන යන බැංකු ගිණුමකට ශ්‍රී  ලංකාවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණ වන බැවින් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සහ සැපයුම් සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩබලන පොලිස්පතිගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.
එම කාලසීමාවේදීම තවත් ඩොලර් ලක්ෂයක මුදලක් එම ගිණුමටම බැර කිරීමට ගත් උත්සාහයක් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. බුද්ධි ඒකකය මැදිහත් වී නතර කොට ඇතැයි හෙතෙම සඳහන් කළේය.

එම මුදල් කවුරුන් විසින් කුමන අරමුණකින් බැංකුවට බැර කළේද යන්න පිළිබඳව අනාවරණය කරගත යුතුව ඇති බවත් විමල් වීරවංශ මහතා ඊයේ (10දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් ලබාගත් ඉඩම්වල ඔප්පු පිටපත් 227ක්ද, මුල් පිටපත් 8ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති බවද ඔහු කීය.


No comments:

Powered by Blogger.