Header Ads

Breaking News
recent

"පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ" - මැල්කම් කාදිනල්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹදී පැවසූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවද අගරදගුරුතුමෝ කීහ.
පුංචි බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී ඊයේ (18) පැවැති හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසූහ.


No comments:

Powered by Blogger.