Header Ads

Breaking News
recent

රන්ජන්ට ගල් ගසනු - වජිර එජාප පාක්‍ෂිකයන් උසි ගන්වයි

වුරුන් කුමක් කීව ද රනිල් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටින තුරු ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොකරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කළේය.

තම නායකයාට පහර ගසන්නට එපා යයි ඉල්ලීමක් කරන බවද පැවසූ ඔහු එය තම මවට පියාට පහර දෙනවා වගේ වැඩක් යැයි ද කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයට කළ අපරාධයට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ගල් ගසා දමන්නට ඕනෑ යැයිද ඒ වගේ පුද්ගලයන් පැත්ත පලාතකවත් වද්දා නොගත යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ගාල්ල බලපිටිය ප්‍රදේශයේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් සමග පවතින දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.


No comments:

Powered by Blogger.