Header Ads

Breaking News
recent

බොරතෙල් මිල බැස්සත් මෙරට අඩු නොකලේ කලින් පාඩු පියවා ගන්නයි - Ceypetco

සුගිය මසක පමණ කාල සීමාවේදී පමණක් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 20%කින් පමණ අඩු වුවද මෙරට වෙළඳ පොළේ මේ වන තෙක් ඊට සාපේක්ෂව මිල පහල දැමීමක් සිදු කර නැත. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ බොරතෙල් මිල ඉහළ යද්දී මෙරට මිළ ඉහළ දැමූ නිසා ඉකුත් මාස කීපයේදී සංස්ථාවට බිලියන 12ක් පමණ පාඩුවක් සිදුව ඇති බවයි.
මේ වන විට බොරතෙල් මිල පහළ ගොස් ඇතත් ඉකුත් මාස කිහිපය තුළ දී ලැබූ පාඩුව නිසා ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ජනතාවට සහනයක් ලබාදීමට ඇති හැකියාව සම්බන්ධ සලකා බලන බවද ඔහු සඳහන් කළේය.

බොරතෙල් මිල තව දුරටත් පහල ගියහොත් ඒ පිළිබඳව සොයා බැලීමට සූදානම්ව සිටින බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.