Header Ads

Breaking News
recent

සජිත්-කරු එලිපිට ගැටේ.. කරූ බැක් සයිඩ් Ok කියද්දී සජිත් බැක් සයිඩ් No කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ලබාදුන් හඬ පට මන්ත‍්‍රීවරුන් සඳහා ලබාදෙන්නැයි තමන් විසින් පක්ෂ නායක හමුවේදී නොපැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තුවේදී යම් මත ගැටුමකද නිරත වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

නමුත් කතානායක වරයා කියා සිටියේ විපක්ෂ නායකයා වරයා වෙනුවෙන් පක්‍ෂ නායක හමුවට සහභාගී වූ නියෝජිතයා විසින් එම ස්ථාවරය දැරූ බවයි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා යලිත් කියා සිටියේ මෙම හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අනවශ්‍ය බවයි.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාද කියා සිටියේ කිසිම අවස්ථාවක පක්ෂ නායක හමුවේදී මෙම හඬ පට මන්ත්‍රීවරුන්ට ලබා දීමට එකගතාවයකට නොපැමිණි බවයි.


No comments:

Powered by Blogger.