Header Ads

Breaking News
recent

අතුල - සමිතාගේ ලොකු කෙළ්ල කාවින්ද්‍යාගේ වැලන්ටයින් සිංදුව [VIDEO]

කලා ක්ෂේත්‍රයේ දැවැන්ත තරු දෙකක් වුන අතුල- සමිතා පවුලේ ආදරණිය දියණිය කාවින්ද්‍යා අධිකාරී කියන්නේ වර්තමාන ගායන ලෝකයේ ඉන්න ජනප්‍රිය තාරකාවියක් කිව්වොත් හරි.

ගායන ශිල්පිනියක් වගේම රංග ශිල්පිනියක් විදිහටත් කාවින්ද්‍යා මේ වෙද්දී තමන්ගේ දක්ෂතා පෙන්නලා ප්‍රේක්ෂක හිත් දිනාගෙන තියනවා. 
ඉතින් පහුගිය ආදරවන්තයින්ගේ දිනයට කාවින්ද්‍යාගේ අලුත් ගීතයක් එළිදැක්වුනා.

කාවින්ද්‍යාගෙන් මෙහෙම ගීතයක් දකින්න ලැබෙන්නේ ගොඩක් කාලෙකට පස්සේ නිසා ඇයගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් මේ ගීතය එනකම් ඇඟිලි ගනිමින් හිටියා කියලා තමයි ආරංචිය.

කොහොම වුනත් ආදරවන්තයින්ගේ දවසේ එළිදැක්වුණ මේ ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබිලා තියනවා.

හරි අපූරු ගීතයක්. ඉතින් මේක අහපු නැති හැමෝටම අහන්නත් එක්ක අපි හිතුවා මේ ගැන ඔයාලට කියන්න ඕන කියලා.


.

No comments:

Powered by Blogger.