Header Ads

Breaking News
recent

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 11 වන කොරෝනා ආසාදිත මරණයයි.

ඊයේ(31) රාත්‍රී 11 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 822 ක් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

පුද්ගලයින් 801 ක් මේ වන විට පුර්ණ සුවය ලබා තිබේ.


No comments:

Powered by Blogger.