Header Ads

Breaking News
recent

විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම අත්වැරදීමක් - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය


මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති බවට මහින්ද අමරවීර අමාත්‍යවරයාට තොරතුරු ලැබී තිබෙනවා.

එහිදී සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අතපසුවිමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

ඒ අනුව එම තත්ත්වය වහාම නිවැරැදි කර  නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම කිසිදු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස ද මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Powered by Blogger.