Header Ads

Breaking News
recent

වැඩට එන්න කිව්වට එන්න බස් නෑ මගීන්ගෙන් මැසිවිලි



රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් අද රාජකාරි සඳහා කැඳවූවද බොහෝ ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබූ බවට චෝදනා එල්ලවුණා.

පිටත ප්‍රදේශවල සිට කොළඹට පැමිණීම සඳහා අද උදෑසන කාර්යාල සේවා ප්‍රමාණවත් නොවුණු බවට මගීන් එලෙස චෝදනා කළ අතර,
මෙම චෝදනාව සම්බන්ධයෙන්  මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ලංගම බස් රථ යොදවා කාර්යාලීය ප්‍රවාහනය සිදුකිරීම යම් සාර්ථකත්වයක් තිබුණද ඇතැම් ස්ථානවල ගැටලු මතුවූ බවයි.

එමෙන්ම රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පැමිණීමේ අඩුවක් තිබීම ඊට හේතුව බවද ඔහු කියා සිටියා.

 අද උදෑසන කාර්යාලීය ප්‍රවාහනය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර විසින් සියලු ඩිපෝවලින් වාර්තාවක් ද කැඳවා තිබෙනවා.

පසුගිය සතිය වනවිට පෞද්ගලික බස් හිමි සංගම් සඳහන් කළේ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් තමන් බස් රථ ධාවනය කිරීමට සූදානම් බවයි. කෙසේ වෙතත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූයේ නැහැ.

මෙවැනි පසුබිමක් යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් හෙට දිනයේ යළි පෞද්ගලික බස් සංගම් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර තිබූ පිරිසෙන් හරි අඩකට ආසන්න පිරිසක් එම පහසුකම අද උදෑසන ලබාගෙන නොතිබූ බව වාර්තාවනවා.

දුම්රිය ස්ථාන වෙත පැමිණීමට මතුව ඇති දුෂ්කරතා ඒ සඳහා ප්‍රධානතම හේතුව වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ.

 සමස්තයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බව වාර්තාවනවා.

එමෙන්ම රජයේ ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණිනෙන ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කරන අතර, කොළඹ වෙළඳසැල්වලට පැමිණෙන පාරිභෝගික ජනතාවගේද අඩුවක් පෙන්නුම් කරන බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ.

No comments:

Powered by Blogger.