Header Ads

Breaking News
recent

ඇගිලි පාට කිරීම වෙනුවට තීන්ත විදී.. කොමිසම අත්වැසුම් හා මුව වැසුම් මිලට ගනී !

දිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි පාට කිරීම වෙනුවට තීන්ත විදීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇත.

කොමිසමේ නිලධාරීන් විසින් එවන් උපකරණ කීපයක් ඉකුත්දා පරීක්ෂාකර කිරීමටද කටයුතු කර තිබේ.

ඇඟිල්ල අල්ලා පාට කිරීමේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින නිසා යෝජිත නව ක්‍රමය අනුගමනය කරගත හැකි බව සෞඛ්‍ය අංශ විසින් ද පෙන්වා දී ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු වූ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමසාරිස්ට බාර දී තිබේ.

මුවවැසුම් හා අත්වැසුම් ඇතුළු සෞඛ්‍යමය උපකරණ මිලදී ගැනීමට ද මැතිවරණ කොමිසම මේ දිනවල කටයුතු කරමින් සිටී.


No comments:

Powered by Blogger.