Header Ads

Breaking News
recent

මොන විදියෙන් හරි ඡන්දෙ තියලා අපේ ආණ්ඩුවක් හදාගන්න මේක අවස්ථාවක් කරගන්න ඕනෑ - ගීතා

ක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දෙපිල බෙදීම නිසා ඡන්දය තියන්න එපායැයි කීවාට එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රශ්නයක් නොවන බවත් කවරාකාරයෙන් හෝ මැතිවරණය පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා පොහොට්ටුව මෙය හොඳ අවස්ථාවක් කරගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කරයි.
"ඡන්දෙ තියාගන්න එපා කිව්වට බෑනෙ. ඒගොල්ලො දෙපැත්ත බෙදිලා කුළල් කාගෙන එක එක කෝලම් කරාට ඒවා අපට අදාළ නෑනෙ. එව්වා ඔබතුමාලා බලාගන්න.

අපට අංකයක් නොදී අපි කොහොමද මේ ඡන්ද සටනට බහින්නෙ ? මේක හරි පුදුම වැඩක්නෙ ? නාමයෝජනා දීලා අංකෙ දෙන්නෙ නෑ, දිනේ දෙන්නෙ නෑ.

මොන විදියකින් හරි හැකි ඉක්මනින් මේ ආණ්ඩුව අපි පිහිටුවන්න ඕනේ. අපිට අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවලා අපේ රජයක් ශක්තිමත් කරගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ"


No comments:

Powered by Blogger.