Header Ads

Breaking News
recent

රවී නි.නායක, අකිල උ.නායක, සාගල මහ ලේකම් - නවීන් හිටපු තැනම

ළැඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් සිදු කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතා දැරූ නියෝජ්‍ය නායක ධූරය රවී කරුණානායක මහතාටත් ඔහු දැරූ උප නායක ධූරය අකිල විරාජ් කාරියවසම් මහතාටත්, කාරියවසම් මහතා දැරූ මහා ලේකම් ධූරය සාගල රත්නායක මහතාටත් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

නවීන් දිසානායක මහතා ජාතික සංවිධායක ධූරයේම තැබීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙයි.

මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් 09 දෙනෙකු පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් සාමාජිකයන් 21 දෙනෙකු වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීමට නියමිතය.

මෙම වෙනස් කිරීම් සමඟ ඉදිරි මහා මැතිවරණය මුහුණ දීම එජාප නායකයාගේ ඉල්ලකය වී තිබේ.


No comments:

Powered by Blogger.