Header Ads

Breaking News
recent

තොණ්ඩාමන්ගේ අමාත්‍යධූරයේ අගමැති දිවුරුම් දෙයි !

භාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් දැරූ කැබිනට් අමාත්‍ය ධූරය වන ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අගමැතිවරයා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම අමාත්‍යධූරය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.


No comments:

Powered by Blogger.