අද එජාප පාක්ෂිකයත් කියනවා ගෝඨාභය මහත්තයාගේ වැඩ පිළිවල හරියට හරි කියලා - හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ
දඹදෙණිය ආසනයේ පැවති ජන හමුවකදී හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පොදුජන පෙරමුණ දේශපාලකයින්ගේ පක්ෂයක් නොවන බවත් පොදු ජන පෙරමුණ ජනතාවගේ පක්ෂයක් බවත්
පවසා සිටි අතර තව දුරටත් එතුමා මෙසේ අදහස් දක්වා සිටින ලදී.
අපි මේ පක්ෂය හැදුවෙ පුංචිම තැන ඉඳලා. මේ පක්ෂය දේශපාලකයන්ගෙ එකක් නෙමෙයි. මේක මිනිස්සුන්ගෙ එකක්. පොදුජන පෙරමුණට කලින් හැදුනෙ පොහොට්ටුව. ඒ වටා පාක්ෂිකයෝ එකතු වුණා. ශාඛා සමිති ටික හැදුණා. ශාඛා සමිති එක්ක කොට්ඨාශ හැදුණා.කොට්ඨාශ බල මණ්ඩල හැදුණා. ඒත් එක්ක මධ්‍ය බලමණ්ඩල හැදුණා.
මධ්‍ය බලමණ්ඩළ එක්ක සමස්ත ලංකා බලමණ්ඩළය හැදුණා. දැං සා පිලට කොහෙ ද මේවා? යූ.ඇන්.පිය කියන්නෙ මොකක් ද? සමගි බලමණ්ඩලය කියන්නෙ මොකක් ද? අලියා ඉන්නෙ කොහෙද? ටෙලිෆෝන් එක තියෙන්නෙ කොහෙද? ඔක්කොම පැටලිලා. පාක්ෂිකයන්ටත් පැටලිලා. අපේක්ෂකයන්ටත් පැටලිලා,නායකයන්ටත් පැටලිලා.ඔක්කොම පැටලිලා.
අපේ වගේ පක්ෂයක් හදන්න නම් අත්තිවාරමක් තියෙන්න ඕන. වැඩ පිළිවලක් තියෙන්න ඕන. ඒ නිසයි අපි අවුරුදු එක හමාරක් ඇතුලත දැවැන්ත ජයක් ලබන්නෙ.පළාත් පාලන ආයතන වැඩිම ප්‍රමාණයක් ජයගන්නෙ. අපේ පාක්ෂිකයා තමයි ඒ ජයග්‍රහණයේ අයිතිකාරයෝ. අපේ පක්ෂයේ අයිතිකාරයෝ.
සමහරු කියනවා ඔය දිනන්නෙ මහින්ද මහත්තයා නිසානෙ කියලා. සමහරු කියනවා ඔය දින්නෙ පොහොට්ටුව නිසානෙ කියලා. මතක තියාගන්න පොහොට්ටු,මහින්ද මහත්තයා,ගෝඨාභය මහත්තයා,බැසිල් මහත්තයා,අපේක්ෂකයා,පාක්ෂිකයා කියන්නෙ වෙන වෙනම අය නෙමෙයි.අපි ඔක්කොම එකම බලවේගයක්.අපි එක පවුලක්. එක ශක්තියක්.
ඒ නිසා අපි සා පිලට කියන්නෙ, ඔය පක්ෂවලට මුලක් නෑ,මැදක් නෑ. අගක් නෑ. චූටි කොණක් විතරයි තියෙන්නෙ. අද එජාප පාක්ෂිකයා කියන්නෙත් "ගෝඨාභය මහත්තයාගෙ වැඩ පිළිවල හරියට හරි,
එයාලා රට කරනවා" කියලා.

No comments: