Header Ads

Breaking News
recent

ලංකාව තවත් දැවැන්ත අවදානමක.. අප‍්‍රිකාව වැනසූ පලගැටියන් ලංකාවේ !

ප්‍රිකානු කලාපීය රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති කාන්තාර පලගැටියා ඉදිරි කාලයේ දී මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ අදාල පලගැටියා දැනට අප්‍රිකානු කලාපයෙන් බැහැරව ඉන්දියාව හා පකිස්තාන වැනි රටවලට ඇතුළු වී ඇති බවයි.
මේ අතර දස දහස් ගණනක් රංචු ලෙස වගාබිම්වලට කඩා වැටී ඒ බෝගවලට හානි කරන්න පළඟැටි විශේෂයක් මාවතගම ප්‍රදේශයේ දී කෘෂිකර්ම නිලධාරීන් විසින් හඳුනා ගෙන ඇත.

ඔවුන් මෙම කාන්තාර පළගැටියා යයි සැක කරයි.

හඳුනාගත් මෙම සත්වයන් දැනට ඉතා කුඩා අවධියේ පසුවන බවත් පරිණත වීමෙන් පසු විශාල ප්‍රදේශයක් පුරා පැතිර යාමට පටන් ගතහොත් අති දැවැන්ත හානියක් සිදුවීමට හැකි බවත් කෘෂිකර්ම අංශ අනතුරු අඟවා ඇත.

මෙම පලගැටි උවදුර උත්සන්න වීමත් සමඟ අප්‍රිකානු කලාපයේ රටවල් වල දැඩි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇත.


No comments:

Powered by Blogger.