Header Ads

Breaking News
recent

අද දිනයේ සිට කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වන පිරිස් එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට


අද(01) දිනයේ සිට කටුනායක ගුවන් තොටුපලෙන් රටට ඇතුළු  වන පිරිස් එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන් තොටුපලට  පැමිණෙන අය හෝටලයක හෝ වෙනත් රැඳවුම් ස්ථානයක නතර කර මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි .

විදෙස් ගත පිරිසගේ ඥාතින් ලංකාවේ ජීවත් වන අය බවත් ලාංකිකයින් ලෙස සියලු දෙනා මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

රජය පැහැදිලි ලෙසම විදෙස් ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන ආ යුතු යන ස්ථාවරයේ සිටින බවත් පැවසු අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කමිටුව ද වැඩ කටයුතු සුදානම් කර ඇති බව කියා සිටියේය.

No comments:

Powered by Blogger.