Header Ads

Breaking News
recent

40% ට වඩා අඩුවෙන් පැමිණීමක් සහිත මන්ත්‍රීවරු අතර අගමැති අපේක්ෂකයින් දෙදෙනෙක් !

2015 සැප්තැම්බර් සිට 2020 පාර්ලිමේන්තුව විසිරුවා හරින අවස්තාව වන තෙක් පාර්ලිමේන්තු සැසිවාර 414  ක් පවත්වා ඇත. එම සැසිවාර වලින් 40% සහ ඊට අඩු වාර ගණනක් පැමිණි මන්ත්‍රීවරු 22ක් සිටින බව

පාර්ලිමේන්තු නිරීක්ෂක වෙබ් අඩවියක් වන Manthri.lk වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.

මෙම මන්ත්‍රීවරු 22 පසුගිය වසර 4ක්ම පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීන් වේ. මෙම මන්ත්‍රීන් අතර ප්‍රධාන අගමැති අපේක්ෂකයින් දෙදෙනෙක් වන මහින්ද රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසත් සිටින බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරුන් පහුගිය පාර්ලිමේන්තුව තුල දැක්වූ දායකත්වයත් මෙම වෙබ් අඩවියෙන් ඔබට බලා ගැනීමේ හැකියාව ඇත.


No comments:

Powered by Blogger.